වැසි සමඟ මධ්‍යම කදුකරයේ ජලාශවල ජල මට්ටම ඉහළට -නිමල් කොළඹිස්ස – මහනුවර

මධ්‍යම කදුකරයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතී.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් මේ වන විට කඩින් කඩ විවෘත කිරීමට ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය කටයුතු කොට තිබේ.
ඝන මීටර් මිලියන 801ක ජල ධාරිතාවයෙන් යුතු රන්දෙණිගල ජලාශය අධික වැසි හේතුවෙන් ඝන මීටර් මිලියන 264ක ධාරිතාවයක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව එහි සක්‍රීය ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් සියයට 64ක් යැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.
රන්ටැඹේ ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් 70%ක් වන අතර කියුබික් ඝන මීටර් මිලියන 723ක උපරිම ධාරිතාවයෙන් යුක්ත වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 30%කි.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් මහවැලි ප්‍රධාන පද්ධතියට අයත් කොත්මලේ, බෝවතැන්න සහ මොරගහකන්ද ජලාශවල ද ජල ධාරිතාවයන් හි යම් ඉහළ යාමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.