මහනුවර ජනතාව ජනපතිට සහය පල කරයි .මහනුවර වාර්තාකරු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් මහනුවර නගරයට රැස්වූ දහසක පමණ පිරිසක් අද (10) උද්ඝෝෂණයක නිරත වූහ .

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයෙන් ඉවත් විය යුතු බවට බලකරමින් උද්ඝෝෂණ දියත් කරන පිරිසට විරෝධය දැක් වූ මෙම පිරිස මහනුවර රැජින හෝටලය ඉදිරිපිට සිට දළදා වීදිය ඔස්සේ පාගමනින් මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටට පැමිණ ජනතා කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පැමිණි ජනපතිවරයා කුමන්ත්‍රණ මගින් ධූරයෙන් ඉවත් කිරීමට ඉඩ නොතබන බව පැවසූහ.

තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කර කොවිඩ් උවදුරින් රට මුදා ගත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදිය යුතු බවත් මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායක සේන දිසානායක මහතා පැවසුවේය.
කොවිඩ් තත්ත්වය හමුවේ බොහෝ අසීරුතා මධ්‍යයේ ජනපතිවරයා රට මේ ආකාරයෙන් හෝ පවත්වාගෙන යෑමට ගන්නා උත්සහය අගය කළ යුතු බවත් අද ජනපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ කරන්නට පවා අවස්ථාව ලැබී ඇත්තේ ඔවුන්ට කොවිඩ් එන්නත් තුනම ලබාදීමට එතුමා පියවර ගැනීම නිසා බවත් ඒ් මහතා කීය.
ඡායාරූපය-ජනපතිට සහය පළ කරමින් මහනුවර පැවැති උද්ඝෝෂණයට එක්වූ පිරිස

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *