නුවර පොලිසියේ පහකට තුවාල – මහනුවර වාර්තාකරු

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කණ්ඩායමක් විසින් එල්ල කළ ගල්මුල් ප්‍රහාරයකට ගොදුරු වූ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත්කර තිබේ.
කිසියම් කණ්ඩාමක් හිටපු ඇමැතිවරයාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කරන්නට සැරසෙන බවට ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ මහනුවර පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊයේ (04) රාත්‍රී 8.00 ට පමණ එම ස්ථානයට ගොස් ඇත.
එම අවස්ථාවේ ප්‍රදේශයට විදුලිය විසන්ධි වී තිබී ඇති අතර අඳුරේ එල්ලවූ ගල් ප්‍රහාර වලක්වා ගැනීමට නොහැකිවූ බව තුවාල ලත් පොලිස් නිලධාරීන් පැවසුවේය.
කඳුළු ගෑස් එල්ල කොට පැමිණ සිටි පිරිස විසුරුවා හැරීමට පොලීසිය පියවර ගෙන ඇත.තුවාල ලද එක් පොලිස් නිලධාරියකුට ශල්‍යකර්මයක්ද සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.