පීඩනය දරා ගන්න බැහැ කියා අවසන් ගමන් ගිය විශ්ව විද්‍යාල සිසුවා – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් පෙරේදා (29) විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේදී ගෙළ වැලලාගෙන මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මියගොස් ඇත්තේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ යූ.ජී.එස් සසංක නැමැති විසිපස් හැවිරිදි සිසුවෙකි. විශ්ව විද්‍යලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුන්ගේ අවසන් විභාගය මෙම දිනවල පැවැත්වෙන අතර මියගිය සිසුවා එම විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට හැර සෙසු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා ඇති බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
අවසන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට මොහු නොපැමිණීම නිසා ඔහුගේ මිතුරන් දුරකතන ඇමැතුම් ලබාදී ඇතත් එය විසන්ධිකර තිබීම නිසා ඔහු පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැත.
විශ්ව විද්‍යාලයේ සේනක බිබිලේ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටි මෙම සිසුවා ඔහුගේ කාමරය තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී මුලින්ම දැක ඇත්තේ ඔහුගේ කාමරයේ සිටි මිතුරන් දෙදෙනා බව පොලීසිය පවසයි.
මට සමාවෙන්න,මේ පීඩනය තවත් දරා ගන්න බැහැ,මගේ මරණයට කිසිවෙක් වගකිව යුතු නැහැ යනුවෙන් සිසුවා ලියන ලද ලිපියක්ද කාමරයේ තිබී සොයාගෙන ඇත.
පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *