හෙට සහ අනිද්දා ඩිසල් වෙනුවෙන් පෝලිම් එපා – සදලි නවෝද්‍යා

oil porob
 ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්ට්‍රික් ටොන් තිස් හත් දහස් පන්සියයක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. මේ හේතුවෙන් අද (30 )සහ හෙට( 31) දෙදින තුළ ඩීසල් ලබා ගැනීම සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල පෝලිම් වල රැඳී නොසිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය. නමුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛණ්ඩව සිදුකරන බවද දැනුම් දුන්නේය. එමෙන්ම පෙට්‍රල් පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති අතර මහජනතාවට සාමාන්‍ය පරිදි පෙට්‍රල් ලබා ගත හැකි බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *