’හරිත දැයක් ‘’ ගෙවතු වගා සංග්‍රාමය- පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන  – රෙශාරා සමිදුනි

පවුල් ලක්ෂ 22 කට සෙත සැලසෙන  ‘’හරිත දැයක් ‘’ ගෙවතු වගා සංග්‍රාමයට  සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ සමාරම්භක උත්සවය  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු දිස්ත්‍රික් කමිටු  සභාපති අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්  මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පහළ කුඩාවැව ග්‍රාමසේවා වසමේ ඊයේ (29) උදෑසන සුභ මොහොතින් ආරම්භ  කෙරිණි.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාස 16 ක ග්‍රාම සේවා වසම් 543 ක   ක්‍රියාත්මක කෙරේ.

බීජ පැකට් , පළතුරු හා එළවළු පැකට් බෙදාදීම ද මෙහිදී සිදුවිය.

මහවැව  ප්‍රාදේශීය ලේකම් නදීජා හේරත් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *