බඹර ප්‍රහාරයකින් එක් අයෙක් මරණයට – මහනුවර වාර්තාකරු

ගලගෙදර උඩපිටිය මුදුන හේනවත්ත ප්‍රදේශයේදී (29) බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු ගලගෙදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ වෛද්‍යවරයෙකුට අයත් වත්තක මුරකරුවෙකු බව කියන සුප්පයියා කන්නන් නැමැති (52 ) හැවිරිදි පුද්ගලයෙකි.
වත්තේ සේවය කළ තවත් පුද්ගලයෙක්ද බඹර ප්‍රහාරයට ලක්ව අසාධ්‍යය තත්වයෙන් රෝහල්ගත කර තිබේ.
ගලගෙදර පොලීසිය පරීක්ෂණ පවත්විය.