මහනුවර ගින්න හතර වැනියත් බිලි ගනී – මහනුවර වාර්තාකරු

ප්‍රේම සම්බන්ධයක් බිඳී යාමෙන් ඇතිවූ ආරවුලක් නිසා සිදුකළ ගිනි තැබීමකින් පියා,දියණිය හා ඇගේ පෙම්වතා මරණයට පත්වීමේ සිදුවීමේදී බරපතල තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවද  (29) රාත්‍රියේ මියගොස් තිබෙන බව කටුගස්තොට පොලීසිය පවසයි.

පසුගිය 24 දින සිදුවූ මෙම ගිනි තැබීමෙන් ඊස්වරන් දේවන් (67 ), ඔහුගේ දියණිය වූ මේනගා දේවන් (30) හා ඇගේ පෙම්වතා බව පැවසෙන එස්.වේළු (31) යන තිදෙනා දරුණු පිළිස්සුම් තුවාල ලැබ නිවස තුළදීම මරණයට පත්වූහ.
බරපතල පිළිස්සුම් තුවාල ලත් රාජා රානී වේලු නැමැති 65 හැවිරිදි මව බරපතල පිළිස්සුම් තුවාල ලැබ දින පහක් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *