වරෙන්තුකරුවන් 468 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 468 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව ඊයේ (06)උදෑසන 6.00 සිට සවස 5.00 දක්වා අදාළ මෙහෙයුම ක්‍රියාත්මක වූ බවය.

එහිදී විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 70 දෙනෙකු, දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 593 දෙනෙකු සැකකරුවන් 1019 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය සඳහන් කළේ ය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *