මුතුරාජවෙල තෙත් බිම් සම්බන්ධයෙන් කාදිනල් හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක්

මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් ඉඩම් අක්කර තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් සදහන් කරන්නේ රජය ඉකුත් ඔක්තෝබර් මස 7 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් මුතුරාජවෙල තෙත් බිම් ප්‍ර දේශයට අදාළව මෙම තීරණය ගෙන ඇති බවයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට සහ පදිංචියට ද දැඩි බලපෑමක් එල්ල වන බව උන්වහන්සේ සදහන් කරනවා. අදාළ ප්‍රදේශයේ ආගමික ස්ථාන ගණනාවක් ද පිහිටා ඇති බැවින් ආගමික කටයුතු වලට ද අනිසි බලපෑමක් සිදුවන බවයි පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත් රජය සදහන් කරන්නේ අදාළ ගැසට් පත්‍රයේ අරමුණ වන්නේ මුතුරාජවෙල වගුරුබිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලා ගැනීම වළක්වාලමින් මුතුරාජවෙල පරිසර සංවේදී කලාපය සංරක්ෂණය කිරීම බවයි. එසේම එම ප්‍ර දේශය තිරසාර භාවිතයක් ඔස්සේ රම්සා තෙත් බිමක් බවට පත්කිරීම අරමුණ වී තිබෙනවා.
මෙය විද්‍යාත්මක ප්‍ර වේශයක් යටතේ ගත් තීරණයක් බවයි රජය පෙන්වා දෙන්නේ. එම ප්‍ර දේශ තුළ දැනට පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීමක් සිදුනොවන අතර අලුතින් ඉඩම් ගොඩකිරීමට හෝ වගුරු බිම්වලට කැලිකසල බැහැර කිරීමට ඉඩ හිමිවන්නේ නැහැ.