තෛපොංගල් සමයේ  ගෙමිදුල සරසන කෝලම් රටා – චන්දන ජයවීර හැටන්

තෛපොංගල් යනු හින්දු භක්තිකයන් මහත් හරසරින් සමරන  සංස්කෘතික උත්සවයකි.තෛපොංගල් සමයේ සිදුකෙරෙන ආගමික වතාවත් සේම ප්‍රමුඛතාවයක් දෙමින් ඉටු කරන චාරිත්‍රයකි ගෙමිදුලේ කෝලම් රටා ඇඳිම. මෙලෙස ගෙමිදුල හැඩ කරන කෝලම් රටා කලාවකි. ඇත්තෙන්ම  මේ කලාවක් පමණක් ද ? ආගමික චාරිත්‍රයක් ද ? එසෙත් නැත්නම් විනෝදාස්වාදය සදහා සිදුකරනු ලබන්නක් ද ?

එම නිසාම අපි මේ පිළිබදව සොයා බැලීමක් කරන්නට සිතුවෙමු.බහුතරයක් සිංහල බෞද්ධ හා අනෙකුත් ආගමිකයින් එහි අර්ථය නොදන්නවා සේම ඇතැම් නව පරම්පරාවේ හින්දු භක්තිකයන් ද එහි ඉතිහාසය හා අර්ථය පිළිබදව දැනුවකත් බාවයකින් තොරව කටයුතු කරන්නක් බව අණාවරණය වු හෙයින් ඒ පිළිබදව මෙලෙස  සටහනක් තබමි.

හින්දු  දින දර්ශණයට අනුව වසරේ දෙසැම්බර් මාසය මාර්ගලි මාසය ලෙසින් හදුන්වන අතර එම මාසයේ 15 වන දා සිට මාර්ගලි මාසය තුල ගෙමිදුලේ කෝලම් රටා ඇඳිමේ චාරිත්‍රය දින 30 න් පසු සමරණ තෛයිපොංගල් දිනය දක්වා සිදුකරනු ඇත.

අතිතයේ මෙම චාරිත්‍රය මෙලෙස ආරම්භ වී තිබේ . කෝලම් ඇඳිම සදහා සෝදා කුඩු කර ගත් සුදු කැකුලු සහල් යොදා ගැනේ.ඒ අනුව ගෙවිලිය හිමිදිරියේ ම අවදි වී ගෙමිදුල ඇමඳිමෙන් පසු ගොම වතුරෙන්  සෝදාගත් මිදුල මත කෝලම් රාටා නිරිමාණය කරනු ලැබීය.එය හිරු උදාවීමට පෙර සිදු කැරේ.

මෙම රටා ඇඳිමට පෙර පොලව මත කටු සටහන් නොඅඳින අතර මනසේ ඇති රූපය තිත් සටහන් පමණක් තබා ගනිමින් නිර්මාණය කරන්නකි.

වත්මන් කාන්තාවද මේ ආකාරයෙන්ම කොලම් රටා ඇඳිම සිදු කරන අතර ඒ සදහා යොදාගන්නා සහල් කුඩු විවිධ වර්ණයන්ගෙන් අලංකාර කරගනු ලබයි.ඒ සදහා ඔවුන් ආහාර සදහා යොදා ගන්නා අනුමත වර්ණ පමණක් යොදා ගනු ලැබේ.ඒ මෙම රටා ඇඳිමෙන් අනතුරුව කුරුල්ලන් හා විවිධ කෘමි සතුන් එවා ආහාරයට ගන්නා නිසාය.ඔවුන් දානමය පුණ්‍ය කර්මයක් ලෙස හදුන්වනු ලබන්නේ මෙලෙස සතුන්ගේ කුස පිරෙන නිසාය.

එමෙන්ම ගෙමිදුලේ ප්‍රධාන දොරටුවට කෙලින්ම මෙම රටා ඇඳිම සිදු කරන අතර එසේ සැරසීම තුලින් නිවසට සෞභාග්‍ය උදාවන බවත් ඒ මගින් දෙවියන්වෙත නිවසට පැමිණිම ට කරන ආරාධනාවක් හා පිළිගැනිමක් සිදු කරන බවත් විශ්වාස කරති.

තෛයිපොංගල් දිනය යනු පසුගිය කන්නය  සරු කර ගැනිම සදහා කලට වේලාවට වර්ෂාව හා හිරු එළිය ලබා දුන් හිරු දෙවියන් වෙත අලුත් සහලින් පොංගල් බතක් උයා වන්දනා කිරිමේ දිනය යී. එදින සුර්ය  පොංගල් දිනය ලෙසින් හදුන්වනු ලබයි.

එම තෛපොංගල් දිනය හින්දු දින දර්ශනයට අනුව වසරේ ආරම්භක දිනය වන අතර ජනවාරි මාසය ඔවුන් තෛයි මාසය ලෙසින් හඳුන්වනු ලබයි.ඒ අනුව තෛපොංගල් දිනය යනු පසුගිය කන්නයේ බෝග වගාවන් සරු කර ගැනීම සඳහා ස්වභාව ධර්මයෙන් කලට වේලාවට වැසි සහ හිරු එළිය ලබා දුන් සුර්යා නමස්කාර කිරීම සිදු කරන දිනයයි.එම දිනය සුර්ය පොංගල් දිනය ලෙසින් හඳුන්වන අතර තෛපොංගල්  දිනයේ අළුයම හිරු නැගෙන්නට පෙර අවදිවි ස්නානය කර පිරිසිදු වීමෙන් අනතුරුව අළුත් ඇඳුම් පැලදුම් වලින් සැරසෙනු ඇත.ඉන්පසු ගෙමිදුල ඇමදීමෙන් පසු කෝලම් රටා ඇඳිම සිදු කරයි.ඉන් අනතුරුව නිවස ට පිවිසෙන ප්‍රධාන දොරටුව ඉදිරිපිට ,ඇතැම් පුද්ගලයින් සිය කුඹුර හෝ වගා බිමේ ලිපක් බැඳ කිරි ඉතිරිවී ම සිදු කරති.ඉන් අනතුරුව පසුගිය කන්නයේ අස්වැන්නෙන් වෙන්කර තිබූ අලුත් සහල් වලින් පොංගල් බතක් උයා හිරු නැගෙත් ම වන්දනා කරමින් පූජා කිරීම සිදුකරති.

එමෙන්ම කෘෂිකාර්මික කටයුතු වලට සහය දුන් සත්වයින්ට කෘතගුණ සැලකීමක් ලෙස පසු දින මාඩු පොංගල් දිනය ලෙසින් හදුන්වන අතර එදීන පශූ සතුන් නාවා පිරිසිදු කර කුංකුමා ගල්වා ,මල් මාල පලදවා ගව මඩුව පිරිසිදු කර සරසා පොංගල් බත් උයා කැවිම සිදු කරති.

කඳුකරයේ හින්දු බැතිමතුන් ඉකත්  14 දා තෛපොංගල් දිනයේ අළුයම අවදි වී ස්නානය කර පිරිසිදු වී අලුත් ඇඳුම් පැලදුම් වලින් සැරසි සිය නිවාස වල දී මෙන් ම කෝවිල් වෙත පැමිණ ගෙමිදුල ඇමදීමෙන් අනතුරුව කෝලම් රටා ඇඳ පොංගල් බතක් පිස රසකැවිලි හා පලතුරු සහ මල් පුජා කරමින් සූර්යා හා දෙවියන් නමැදීම සිදු  කලහ.

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන තෛපොංගල් පූජාව හැටන්  ශ්‍රී මානික්ක පිල්ලයාර් හින්දු කෝවිලේ දී සිදු කළ අතර එහි ආගමික පූජා වතාවත් එම කෝවිලේ ප්‍රධාන පූජක පූර්ණ ශ්‍රී චන්ද්‍රානන්ද කුරුක්කල් විසින් සිදුකරන ලදි.එම අවස්ථාවට ප්‍රදේශයේ හින්දු බැතිමතුන් එක්ව සිටියහ.

 

දැන්වීමකි

 

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *