නොමිලේ ලබා දීමට සැලසුම් කරන සූර්‍ය කෝෂ – පානදුර හංසලි උමාදී

අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලයේ සූර්‍ය කෝෂ ලබාදීමට විදුලි බල අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ,
එම නව වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් එක් නිවසක් තෝරා ගෙන නිවාස 14,000 කට වොට් 5,10 සහ 15 ප්‍රමාණයන්ගෙන් සූර්‍ය  කෝෂ සවිකරනු ඇති.
මීට අමතරව, ආගමික සිද්ධස්ථාන සඳහා ද
සූර්‍ය කෝෂ සවි කිරීම සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙයි.
දැන්වීමකි
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *