වසරේ පළමු පෝය දින දළඳා මාලිගාවට මහ සෙනඟක් – මහනුවර වාර්තාකරු

උදා වූ නව වර්ෂයේ පළමු පෝය දින වන දුරුතු පෝය දිනයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් අද පෙරවරුවේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටියහ.
පවතින වසංගත තත්ත්වයෙන් රට ආරක්ෂා කිරීමත් සමස්ථ රටවාසීන්ගේ ආශීර්වාද කිරීමත් සදහා විශේෂ ආගමික වතාවත් රැසක් එහිදී සිදු කෙරිණ.
දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අපහසුතාවයකින් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශන සහිතව ප්‍රවේශවීමේ අවස්ථාව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සම්පාදනය කොට තිබුණි.
ශ්‍රී දළදා මාලිගාව සහ නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාලවලද නව වර්ෂය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් සංවිධාන කොට තිබිණ.
දැන්වීමකි