මෙරට භාවිතා කරන ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් – නදීක දයා බණ්ඩාර – මහනුවර

 

මෙරට භාවිතා කරන ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව ඉදිරි වර්ෂ දෙකක කාලයක් තුළදී මෙරට භාවිතා කරන ඖෂධවලින් සියයට  හැත්තෑවක්  පමණ නිෂ්පාදනය කිරීම පිළිඳව සැලකිල්ලට යොමුවී ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ගලගෙදර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මෙම ඖෂධ නිෂ්පාදනය සඳහා මුල් ආරම්භය ලබාදී ඇතැයි ද තවත් අවුරුදු තුනක් ගිය පසු එහි සාර්ථකත්වය පෙන්වීමට හැකියාව ලැබෙන බව  අමාත්‍යවරයා කීවේය.

ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක් මේවන විට සිව්වන බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කර තිබෙන බවත්  ඉදිරියේදී අවශ්‍යතාවක් ඇතිවුව හොත් ජනතා සුබ සිද්ධිය පිණිස  බූස්ටර් එන්නත ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

දැන්වීමකි 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *