තෛපොංගල් දිනය අදයි..

හින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙයි .

කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට කෘතගුණ දැක්වීම මෙහිදි සිදුකෙරේ.

“අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත වෙයි.

හින්දු දින දර්ශනයට අනුව උදාව යන්න අර්ථවත් කරමින් තෛපොංගල් ලෙස සමරන මෙම උත්සවය ලොව පුරා දමිළ ජනතාවගේ ආගමික, සමාජීය හා සංස්කෘතික බැඳීම් විදහාපානු ලබන බවයි හින්දු ආගමික නායකයින් පවසා සිටී.

මේ අතර, තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ, සුරක්ෂිත දේශයක සෞභාග්‍ය හා සශ්‍රීකත්වය වෙනුවෙන් කැපවී සිටින සියලු දෙනාට සූර්ය දෙවියන්ගේ ආශිවාර්දය හා රැකවරණය නිතැතින් උදාවන බවය.

හරිත කෘෂි කර්මාන්තයක් සදහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රි ලාංකික ජනතාවගේ අපේක්ෂාව වන අතර තෛයිපෝංගල් සමය ඒ සදහා දැඩි උද්යෝගයක් සපයන බවද ජනාධිපතිවරයා එම පණිවුඩයෙන් දන්වා තිබෙයි.

තෛපොංගල් සමරමින්  හලාවත මුන්නේශ්වරම  ඊශ්වර දේවස්ථානයේදී  අද විශේෂ පුජා කීපයක් පවත්වන ලදී

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *