ආසියානු කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ශ්රී ලංකාව – පානදුර හංසලි උමාදි
ලෝක සංචාරක කවුන්සිලය විසින් ආසියානු කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ලෙස ශ්රී ලංකාව නම්කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්රනාන්දු මහත්මිය පවසා තිබේ.
මේ අතර ගතවු දින 11 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්යාව 31,688කි.
විදේශිය සංචාරකයින් සඳහා රට විවෘත කිරීමත් සමඟ ගතවු මාස 3ක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණිමේ සීඝ්ර වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව ඔක්තෝබර් මසදී සංචාරකයින් 22,771ක්, නොවැම්බර් මසදී සංචාරකයින් 44,294 මෙන්ම දෙසැම්බර් සංචාරකයින් 89,506 දිවයිනට පැමිණ තිබෙයි.
සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ, නව වසරේ ගතවු දින 11ක කාලය තුළදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්යාව 31,688ක් බවයි.
