පොලිස්පතිට කෝට් ඒක දුන්නේ කාර්දිනල් ද ? ආරක්ෂක ලේකම් නුවරදී විමසයි – මහනුවර වාර්තාකරු

පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්තුමා නොවන බැවින් එය ගලවා දමා යන ලෙස පොලිස්පතිවරයාට පවසන්නට කාදිනල්තුමාට අයිතියක් ඇතැදැයි තමන් නොදන්න බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී රටක අදහස් ප්‍රකාශ කිරීමට බාධාවක් නොමැති බවත් බුද්ධිමත් ජනතාව ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බවත් ඒ මහතා කීය.
මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු 15 දා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේය.
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිසි ලෙස පරික්ෂණ සිදු කරන බව ආරක්ෂක ලේකම් ලෙස තමන් හොඳින් දන්නා බවත් පොලිස්පතිවරයා කවුරුන් හෝ කියන පමාවෙන් කෝට් එක ගලවා නොයනු ඇතැයි තමන් හිතන බවත් ඒ මහතා කීය.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *