මාරවිල චීන අවන් හලේ රහස හෙළි වෙයි – මාරවිල වාර්තාකරු

චීන අවන්හලක් පවත්වාගෙන යන මුවාවෙන්  නීති විරෝධී මත්පැන් ස්කාගාරයක්  මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කාන්තාවක්
මාරවිල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත .
මේ ස්ථානයෙන් නිෂ්පාදනය කරන ලද නීති විරෝධී මත්පැන්  කොළඹ, ජාඇල , හලාවත කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ රැසකට බෙදා හරඇති බව වාර්තා වෙ .
මාරවිල මූදුකටුව ප්‍රදේශයේ  මෙම චීන අවන්හල  පවත්වා ගෙන  ගොස් ඇති අතර එහි තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් අටසීයක්  පොලිස්  අත්අඩංගුවට පත්ව ඇත .

වයස අවුරුදු 51 වන මෙම කාන්තාව කාලයක් තිස්සේ මෙම ජාවාරම  සිදු කර ඇති  බව ද හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6  ක් පමණ වන බව වාර්තා වේ.
මාරවිල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති  ප්රිධාන පොලිස් පරීක්ෂක ලලිත් සදසිරි මහතාට ලැබූ තොරතුරක් මත මෙම
වැටලීම සිදුකර තිබේ  .අත්අඩංගුවට පත් මත්පැන් හා සැකකාර  කාන්තාව මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *