මත්ද්‍රව්‍ය අල්ලන නිල සුනඛ ස්ටුවට් – මහනුවර වාර්තාකරු

මත්ද්‍රව්‍යය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරන්නට පැමිණි පුද්ගලයින් 18 දෙනෙකු පෙරේදා (08) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
දුම්රියෙන්,බස් රථ මගින් හා පෞද්ගලික වාහන වලින් සිරිපා කරුණා කරන්නට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිල සුනඛ ස්ටුවට් යොදා ක්ෂණික පරීක්ෂා කිරීම් සිදු කරන බව පොලීසිය පවසයි.

ගංජා මත්ද්‍රව්‍යය සමඟ අත්අඩංගුවට ගත් තරුණයින් 18 දෙනා අවුරුදු 18-20 වයසේ පසුවන අනුරාධපුර,පානදුර හා කොළඹ ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පවසයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *