ගිනිගත්හේනේ සිදුවූ අනතුරකින් තරුණයෙකු මරණයට – මහනුවර වාර්තාකරු

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයෙකු මිය ගොස් ඇත.
අනතුර (08) පස්වරු 6.00 ට පමණ සිදුව තිබේ. මියගොස් ඇත්තේ ගිනිගත්හේන හත්ලාන ප්‍රදේශයේ පදිංචි යොහාන් චමිල් බණ්ඩාර (36) නැමති අයෙකි.
ගිනිගත්හේන කළුගල සිට ගිනිගත්හේන නගරය දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරළී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසයි.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරාට සුළු තුවාල සිදුව ඇත.ලොරි රථයේ රියදුරු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ගිනිගත්හේන පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.