තවත් නාය යාමක් -නුවරඑළිය තිලක් ද සිල්වා

නුවරඑළිය – මන්දාරම්නුවර ප‍්‍රධාන මාර්ගයට,  ගල් කන්දක් කඩා වැටීම නිසා ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇන හිට තිබේ. මේ නායයාම සිදුව ඇත්තේ ගෝනකැලේ, ගල්කන්ද ප‍්‍රදේශයේදියි

05 වැනි දින  අළුයම  1.30 ට පමණ මෙම සිදුවීම වී ඇත. පසුගිය දින කීපය පුරාම මේ ප‍්‍රදේශයට ඇද හැලූනු අධික වර්ෂාව මෙම නාය යාමට හේතුව බව ගම්වාසින් පවසයි. මාර්ගයට වැටි ඇති ගල් ඉවත් කිරීම සඳහා අද දින 11 වන විටත්, මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ ප‍්‍රදේශිය සභාවෙන් කිසිදු නිලධාරික් පැමිණි නොසිටි අතර දෛනික රාජකාරි සඳහා නුවරඑළියට පැමිණෙන ජනතාව මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දක්නට ලැබුණි. ප‍්‍රදේශවාසින් එක්ව මාර්ගයට වැටි ඇති ගල් පහලට පෙරලමින් වාහන ගමනාගමනයට සුදුසු පරිදි සකස් කර ගැනීමට උත්සහා  දරන ආකාරයද අපගේ කැමරාවට යොමු විය. නාය ගොස් ඇති ගල් කන්දට යාබදව තවත් ගල් කන්දක්ද නායයාමේ ලකුණු පෙන්නුම් කරන අතර එයද මාර්ගයට කඩා වැටුනහොත් බරපතල තත්ත්වයක් උදාවනු ඇත.

දැන්වීමකි

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *