දිලුම් අමුණුගම අමාත්‍යවරයා පල නොකියා පලා බෙදයි – මහනුවර වාර්තාකරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය ජනපතිවරණ හෝ මහ මැතිවරණ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස් කරුවෙකු නොවන බවත් කොයි මොහොතේ හෝ හිටපු ජනපති ඇතුළු පිරිස පොල්ල තියා යන බැවින් හොඳම දේ දැන්ම ඔවුන් ඉවත් කිරීම බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
ඉන්දියානු ඔත්තු සේවා මගින් දහ දොළොස් වතාවක් දැනුම් දී තිබියදීත් ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිව සිය ගණනක් බැතිමතුන් පල්ලි තුළ මරණයට පත්වූවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කරත්දී බවත් මේ නිසා වත්මන් රජයට ඇඟිල්ල දිගු කිරීමට ඔහුට සාදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඒ මහතා කීය.

මහනුවරදී  (05) මාධ්‍ය හමුවක් පවත්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධූර 13 ක් හිමි වූවේ පොදුජන පෙරමුණ සමඟ එක්ව තරඟ කළ නිසා බවත් තනිව තරඟ කළා නම් ඔවුන්ට අත්වන්නේ එජාපයට අත්වූ ඉරණම බවත් හෙතෙම අවධාරණය කළේය.
ආණ්ඩුව තුළ සිටිමින් එහි සාමුහිකත්වයට හානිවන ලෙස කටයුතු කිරිමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවත් එලෙස කරන්නට අවශ්‍යය නම් කළ යුත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් එය සිදු කිරීම බවත් අමුණුගම මහතා කීය.

 

දැන්වීමකි

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *