මහනුවර හෝටලයක පිපිරීමක් , තරුණයෙකු මරණයට – මහනුවර වාර්තාකරු

මහනුවර හෝටලයක මිට සුළු මොහොතකට පෙර සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇත .
මහනුවර දෙවන රාජසිංහ මාවතේ මාවතේ පිහිටි හෝටලයක වායු සමීකරණ යන්ත්‍රයක ගෑස් නළයක් පුපුරා යාමෙන් මෙය සිදුව තිබේ . පුපුරා ගොස් ඇත්තේ කුමක්දැයි නිශ්චිතව අනාවරණය වී නොතිබිණි .
වායු සමීකරණ යන්ත්‍රය අලුත්වැඩියා කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු බරපතල පිළිස්සුම් තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම අනතුර අද (04) පස්වරු 1.45 ට පමණ සිදුව තිබේ.
වායු සමීකරණ යන්ත්‍රය නඩත්තු කිරීමට යාමේදී මෙම පිපිරුම සිදුව තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මියගොස් ඇත්තේ මාතලේ වරනාමුර ප්‍රදේශයේ පදිංචි වායු සමීකරණ අලුත්වැඩියා කිරීමේ නියුක්ත කාර්මික ශිල්පියෙකි.
හෝටලයේ තෙවන මහළේ භෝජනාගාරයේ පිහිටි කොටසේ මෙම පිපිරුම සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරික්ෂණ පවත්වයි.