උත්තර දේවි නගරාන්තර  ශීඝ්‍රගාමී  දුම්රියේ මෝටර් රථයක් ගැටේ

අද(ජනවාරි 01) මධ්‍යහන 12.45ට පමණ වනවාසල දුම්රිය පොල අසල හරස් මාර්ගයේදී ⁣කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටී අනතුරට පත්වී ගිනිගෙන තිබේ.
මෝටර් රථයේ රියදුරු එම ස්ථානයේම මිය ගිය අතර මෝටර් රථය ගිනි ගැනීමට ලක්වූ අතර එම ගින්නෙන් මෝටර් රථයට දැඩි හානී සිදුව තිබේ. එම ගින්නෙන් දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව ඇති බව දැක ගන්නට තිබුණී.
මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයා අවුරුදු 47 වියැති වනවාසල දිප්පිටිගොඩ පදිංචි තිදරු  පියෙකි.
මේ අවස්ථාව නිසා එම දුම්රියේ ගමන් ගත් මගීන් දැඩි අසීරුතාවකට පත්වූ බව දැක ගන්නට ලැබිණී.
වීඩියෝ    https://youtu.be/JftKxi_82Kw
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *