නව අවුරුදු උදාව නිමිත්තෙන් අස්ගිරි මහා නිකායේ සුභ පැතුම් පණිවුඩ – නදීක දයා බණ්ඩාර – මහනුවර

 

 

අභියෝගවලින් පිරුණු වසරක නිමාවත් සමඟ පවතින අර්බුද නිමා කිරීමට සියලු පාර්ශව නව වර්ෂයේ දී අධිෂ්ඨාන කර ගත යුතු යැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් පවසති.

වසංගත ත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ථ ලෝකයාම පීඩාවට පත් වූ බව සඳහන් කරන උන්වහන්සේ එවන් අවස්ථාවක නව අවුරුද්ද අභියෝගාත්මක වනු ඇතැයි ද කීවේය.

උන්වහන්සේ මේ බව අවධාරණය කරන ලද්දේ උදාවූ නව වර්ෂය නිමිත්තෙන් අස්ගිරි මහා විහාර පාර්ශවයේ සුභාශිංසන එක් කරමිනි.

කොරෝනා වසංගත තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා රජය හා සෞඛ්‍ය අංශ වෙහෙසවී කටයුතු කළ බව සිහිපත් කළ උන්වහන්සේ මෙම විපතින් සමස්ථ ශ්‍රී ලංකාව මුදාගැනීමට නම් ජාති, ආගම් හා පක්ෂ භේදවලින් තොරව සියලු දෙනා ඒකරාශී විය යුතු යැයි ද ප්‍රකාශ කළේය.

බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද මෙම පුණ්‍ය භූමියට දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබෙන බවත් දළදා වහන්සේගේත්,සිරිමා බෝ හාමුදුරුවන්ගේත් පිහිටෙන් නව වසර දුක් දොම්නස් වලින් තොර සෞභාග්‍යමත් එකක් වේවායි ප්‍රාර්ථනය කරන බවත් අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *