පොල් ගෙඩියක් ගත්තට දඩුවම නිර්වස්ත්‍ර කර කුරුසයක ඇන ගැසීම – නිමේෂ් සංදීප

 

කුසගින්න නිවා ගැනීමට වත්තකින් පොල් ගෙඩියක් ගත් පුද්ගලයෙකුට නිර්වස්ත්‍ර කර බරපතල ලෙස පහරදීමට විරෝධය පළකරමින්  අද 20 නාත්තන්ඩියේදී විරෝධතාවයක් පැවැත්විණි

මේ විරෝධතාවය අතර තුර ප්‍රදේශවාසීන් කියා සිටියේ ඉතා අහිංසක පුද්ගලයෙකුට මෙලෙස පහර දී ඇති බවයි. මේ විරෝධතාවය සදහා මේ සිදුවීමට භාජනය වූ පුද්ගලයාගේ පවුලේ සමාජිකයන් මෙන්ම ගම්වැසියන් පිරිසක්ද එක්ව සිටියහ . නාත්තන්ඩිය හැවන ප්‍රදේශයේ ආගමික සංවිධානයකට අයත් පොල් වත්තක පාලනාධීකාරියේ පිරිසක් මේ පහරදීමට සම්බන්ධවී ඇති අතර පසුව මොවුන් එකතුව මේ පුද්ගලයාගේ අත්දෙක දික් කර ලියක් බැද කුරුසයක ඇන ගැසූ අයුරින් ගම වටේ ඇවිද යන ලෙස බලකර ඇත. ඉන් පසු මේ පුද්ගලයා නිර්වස්ත්‍රව ඇවිදින අයුරු වීඩීයෝ කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබේ .

විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පුද්ගලයාට සාධාරණයක් කරන ලෙසයි

මේ සිදුවීම සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය මේ සිදුවීම අධිකරණයට යොමු කර ඇත .

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *