උන්ඩියල් මුදල් ගනුදෙනු ගැන හිටපු ඇමති පාඨලී කියූ කතාව – මහනුවර වාර්තාකරු

මහ බැංකුවට හා රටේ පිළිගත් බැංකු පද්ධතියට හොරෙන්  නීති විරෝධී ලෙස සිදුවන උන්ඩියල් මුදල් ගනුදෙනු හේතුවෙන් මෙරට බැංකු වල විදේශ මුදල් පද්ධතිය කඩා වැටෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙම ක්‍රමයට සිදුවන මුදල් ගනුදෙනු පිළිබඳව මුදල් ඇමැතිවරයා කරන ප්‍රකාශ නිසා රට ජත්‍යන්තරය තුළ හුදකලා වෙමින් තිබෙන බවද ඒ් මහතා කීය.
මහනුවරදී ඊයේ (02) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා මෙසේද පැවසුවේය. ලෝකයේ තිබෙන ඒකාධිපති ආණ්ඩුවක මුදල් ඇමති කෙනෙක්වත් මේ නීති විරෝධී උන්ඩියල් ගනුදෙනු අනුමත කරන්නේ නැහැ. මේ මොහොතේදීත් උන්ඩියල් ගනුදෙනු අපේ රටේ සිදුවෙනවා. අපේ රටේ බැංකුවල විදේශ මුදල් පද්ධතිය කඩා වැටීමට ප්‍රධානතම හේතුව මෙයයි.

අද මේ රජය තමන්ට අභියෝගයක් වන පුද්ගලයින්ට නඩු දාලා ඔවුන් හිර කරනවා.අනිත් පැත්තෙන් චෝදනා තියෙන වංචනිකයින් දූෂිතයින් චෝදනා වලින් නිදහස් කරලා තමන්ගේ කඩා වැටෙන බලය තව තවත් රඳවා ගන්න උත්සාහ කරනවා. මේකෙන් වෙන්නේ මේ රටේ නීතිය,අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පවතින විශ්වාසය නැතිවෙන එකයි.පොලිසියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණයේ ස්වාධීනත්වය කඬා වැටෙනවා.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *