යාපනය කොකුවිල් ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම් වලින් කේරළ ගංජා,නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු හා බලපත්‍ර නොමැතිව මහ රා අළෙවි කළ පුද්ගලයින් 08 දෙනෙක් ග්‍රහණයට ගැනීමට යාපනය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්  සමත්ව තිබේ.

කොකුවිල් ප්‍රදේශයේ ගංජා ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරු මත දින ගණනාවක් තිස්සේ සිදුකළ විමර්ශනයකින් පසු කේරළ ගංජා ග්‍රෑම් 600 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. යාපනය අරියාලේ සහ තොලොම්බුතුරෙයි යන ප්‍රදේශ වල සිදුකළ වැටලීම් මගින් නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු මිලි ලීටර් 13500 ක් සමඟ එක් පුද්ගලයෙක්ද බලපත්‍ර නොමැතිව මහ රා අළෙවි කළ පුද්ගලයින් 05 දෙනෙක්ද සුරාබදු නිලධාරීන්ගේ විසින් ග්‍රහණයට ගනු ලැබ තිබේ.
බලපත්‍ර නොමැතිව රජයේ අනුමත අරක්කු අළෙවි කළ අයෙකුද සැකකරුවන් අතර සිටින බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් කේ.ධර්මසීලන් මහතගේ උපදෙස් මත යාපනය සුරාබදු අධිකාරී එස්.තංගරාජා මහතාගේ අධීක්ෂණය යටතේ යාපනය සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ඒ්.එම් සෝමරත්න මහතාගේ මෙහෙයවීම මත සුරාබදු පරීක්ෂකවරුන් වන ඒ .ආනන්දනායගම්,එස්. අමිරාජ් ,සුරාබදු සැරයන් මේජර් ඒස්.එම්.පී ශ්‍රීභවන්,සුරාබදු කෝප්‍රල් වරුන් වන දේවමයුරන්,මහිල්රාජ්,පද්මකුමාරන්,ජේ.ක්‍රීෂන්,අල්විස්,සුරාබදු රියදුරු නික්සන් යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *