කලාපීය භූ චලන නිරීක්ෂණය සඳහා බස්නාහිර කේන්දු කොට ගත් නව භූකම්පන මානයක් – නදීක දයා බණ්ඩාර – මහනුවර

කලාපීය භූ චලන වඩාත් හොදින් ග්‍රහණය කර ගැනීම සඳහා බස්නාහිර පළාත තුළ නව භූ කම්පන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කොට ඇතැයි භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසයි.
දැනට ක්‍රියාත්මක භූ කම්පන මධ්‍යස්ථානවලට අමතරව නව මානය ස්ථාපිත කිරීම මගින් ආසියානු කලාපයේ භූ කම්පන වඩාත් විද්‍යානුකූලව නිරීක්ෂණය කළ හැකි යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
භූ කම්පන හා භූ සම්පත පිළිබදව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම නිමිත්තෙන් එම කාර්යංශය මහනුවර ගැටඹේදී පැවැත්වූ වැඩමුළුවට සහභාගීවෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
ආසියානු කලාපයේ භූ චලන සහ සුනාමි තත්ත්වයන් පිළිබදව පූර්ව අනතුරු හැඟවීම් නිකුත් කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය බෙහෙවින් ඉවහල් කර ගනු හැකි යැයි ප්‍රකාශ කළ ඒ මහතා චීන ආධාර මත නව මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිත යැයි ද කීවේය.
මහකනදරාව, හක්මන, බුද්ධංගල සහ පල්ලකැලේ ප්‍රදේශවල ස්ථාපිත භූ කම්පනමාන සහ බස්නාහිර නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම මගින් දිවයින ආවරණය වන පරිදි දත්ත කඩිනමින් ලබා ගත හැකි යැයි ද ඒ මහතා කිවේය.
පල්ලේකැලේ භූ කම්පනමාන මධ්‍යස්ථානයේ ස්වයංක්‍රීයව උපකරණ මගින් ග්‍රහණය කර ගන්නා කම්පන දත්ත ඉතා කෙටි කාලයක් තුළදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට වාර්තාවන බව කී ඒ මහතා එම ස්ථානය ශ්‍රී ලංකාවේ දත්ත රැස් කරන ප්‍රධාන මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියාකරන බව ද සඳහන් කළේය.
මාධ්‍ය දැනුවත් කිරීම නිමිත්තෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා, සිතියම්කරණ හා භූ විද්‍යා තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ජානක අජිත් ප්‍රේමා මහතා, ඛණිජ සමීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නලින්ද සිල්වා මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.