පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට – මහනුවර වාර්තාකරු

 

තැන්නකුඹුර තේක්කවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු පස්කන්දකට යටවී  මියගොස් ඇත. පසුගිය 23 වැනි දින මේ සිදුවීම වී තිබේ
මෙසේ මියගොස් ඇත්තේ තැන්නෙකුඹුර තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව කුමාර කුලසූරිය නම් පනස් අට හැවිරිසි පුද්ගලයෙකි.

නිවසක ප්‍රවිශ්ඨ මාර්ගයක් සකස් කරමින් සිටියදී එම මාර්ගයට ඉහළින් වූ පස්කන්ද මෙම පුද්ගලයා මතට කඩා වැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
පස්කන්දට යටවූ පුද්ගලයා මහත් පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන් විසින් විනාඩි කිහිපයක් ඇතුළත පිටතට ගෙන ඇතත් ඒ වන විට ඔහු මියගොස් සිට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *