මා ඔය දෙපස අක්කර සියගණනක් කපලා . මහා විනාශයක් – ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න
මාඔයේ සිදුකල මහා පරිමාන වැලි හා මැටි ඛැනීමේ ජාවාරමක් වැටලීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද 25 පස්වරුවේ සමත් විණි . පන්නල පොලිස් වසමට අයත් තඹකන්ද ප්‍රදේශයේ මේ ජවාරම වසරක පමණ සිට සිදුකරගෙන පැමිණ ඇති බව වාර්තා වේ .

මේ ජවාරම හේතුවෙන් අක්කර පනහකට ආසන්න භුමි ප්‍රදේශයක් විනාශ වී ඇති අතර මාඔයේ ඉවුරු වලට දැඩි හානි සිදු වී තිබේ . මේ වැටලීම සිදුකරන අවස්ථාවේ ට්‍රැක්ටර් දෙකකට මැටි පුරවමින් තිබු අතර ඒ සදහා යොදා ගත බැකෝ යන්ත්‍ර දෙකක්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී . මේ අවස්ථාවේ මේ ස්ථනයේ සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර එක් බැකෝ යන්ත්‍රයේ රියදුරෙකු පලා යන ලදී .


මේ ජාවාරම හේතුවෙන් මේ ප්‍රදේශයට විශාල විනාශයක් වී ඇති අතර මාඔය ඉවුරු කැඩී යාම හේතුවෙන් සිදුව ඇති විනාශය තක්සේරු කල නොහැකි මට්ටමක පවතී . මේ ජාවාරම් වලට ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල නිලධාරීන් , පොලිසිය හා අනෙකුත් ආයතන වගකිව යුතු බව ප්‍රදේශවාසීන් වැටලීම කල නිලධාරීනට පැවසුහ .
.මේ වැටලීමේදී මාඔයෙන් ගොඩ දැමු වැලි කියුබ් පහළොවකට ආසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .

ජවාරම්කරුවන් මාඔයේ ඉවුරේ පිහිටි විශාල ගස් බිම දමා මේ ඛැනිම් සිදු කර ඇති අතර ඒ හේතුවෙන් ඊලග වර්ෂා සමයේදී මේ ප්‍රදේශයෙන් මාඔය ආඩි දෙසියයකට ආසන්න ප්‍රමාණයක් විශාල වීමේ අවදානමක් පවති 
අත්අඩංගුවට පත් සැකකරුවන් හා බැකෝ යන්ත්‍ර හා ට්‍රැක්ටර් පන්නල පොලිසියට භාර දීමට නියමිතව තිබිණි .
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානි බුද්ධික ශිල්පරත්න මහතාගේ මෙහෙයවීම මත වැටලීම් ඒකකයේ නිලධාරීන් වන සමීර මධුසංක ,ශර්මි දික්කුඹුර , යන නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි ගෝනහෙන කදවුරේ අණදෙන නිලධාරී එම්. එම්. එන්. කේ මාරසිංහ මහතාගේ මෙහ්යවිම මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් මේ වැටලීම සිදු කළහ .
