ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සුදානම් – පානදුර හංසලි උමාදී

18 මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම් කෙරේ
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ.
ඒ අනුව, උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වෙන බැවින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම විභාගය අවසන් වනතුරු උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත