ඩෙංගු යලිත් .අවධානයෙන් _ පානදුර හංසලි උමාදී

අද හා හෙට දෙදින දී දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
ඒ , පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය හා ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධවයි.
‘සුපිරිසිදු පරිසරයක් – නිරෝගීමත් හෙටක්’ යන තේමාවෙන් ක්‍රියාත්මක මෙම ඩෙංගු මර්දන වැඩසටහන සෑම පළාත් පාලන ආයනත බල ප්‍රදේශයකම ක්‍රියාත්මක කැරේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා ප්‍රකාශ කළේ , ජනවාරි මාසයේ මේ දක්වා කාල සීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,200කට අධික සංඛ්‍යාවක් හඳුනා ගත් බවයි.
බස්නාහිර පළාතේ රෝගීන් හමුවීම ඉහළ ගොස් ඇති බව ද ඔහු විසින් ප්‍රකාශ කර ඇත .