දීඝවාපිය පුනරුදය _ අම්පාර වාර්තාකරු

දීඝවාපිය ස්ථූප භූමියේ මෑතකදී සිදුකළ කැණීම්වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන් ඉදිකරන ලද “ධාතු මන්දිරය” තුළ ඊයේ   17  දින තැන්පත් කරන ලදී.

කැණීම්වලදී සොයාගන්නා ලද ධාතුන් වහන්සේලා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ වන තෙක් තැන්පත් කර තිබූ අතර සර්වඥ ධාතූන් වහන්සේ රැගත් ආගමික පෙරහැර අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ආරම්භ වී දීඝවාපිය විහාරස්ථානය වෙත ලඟාවිය.

මහා සංඝරත්නයේ ආශිර්වාද හා ආගමික වතාවත් මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් හා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ඒ අනුව දුරුතු පොහොය දිනට සමගාමීව, මෙහි ඉදිකරන ලද ධාතු මන්දිරයේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරුණු අතර ආරක්‍ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් යෝජිත බුද්ධ මන්දිරය සඳහා මුල්ගල් තැබීම පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති මලේගොඩ නන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ ආගමික වතාවත් මධ්‍යයේ සිදු කරන ලදී.

බුදුරජාණන් වහන්සේ වැඩමවා වදාළ පුජනීය සොලොස්මස්ථාන අතුරින් පූජනීය පුරාණ ආගමික ස්ථානයක් ලෙස දීඝවාපිය සැලකේ.

මහා සංඝරත්නය වෙත දානය පිරිනැමීමෙන් පසු පුණ්‍යෝත්සවය කටයුතු අවසන් විය.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *