වෙන්නප්පුව බෝලවත්ත දේවස්ථානයෙන් මතුවූ සුසානය – ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

වෙන්නප්පුව බෝලවත්ත පරලෝක රජේශ්වරිය්ගේ දේවස්ථානයේ ඉදිකිරීම් කටයුත්තකදී වසර සියගණනක් ඉපැරණි බවට සැක කරන සොහොන් ගැබක් හමුව තිබෙන බව බෝලවත්ත මීසම් පාලක නෙවිල් සෙබස්තියන් පියතුමා පැවසිය . අද 17 දහවල් මෙම සොහොන් ගැබ මතුව ඇති අතර ඒ අස්ථාවේ සිට මෙය දැක බලා ගැනීම සදහා දහාස් ගණනක ජනතාවක් බොලවත්ත්ට පැමිණෙමින් සිටින බවද වාර්තා වේ.
මේ සිදුවීම වන අවස්ථාවේ මීසම් පාලක පියතුමා ඇතුළු දායක සභාවේ කීප දෙනෙකු සිට ඇත්තේ මහනුවර වන අතර ඒ අවස්ථාවේදීම හලාවත වැඩ බලන රදගුරු හා මහනුවර රදගුරු අති උතුම් වැලන්ස් මෙන්දීස් හිමිපාණන්ට දැනුම් දී තිබේ .
මේ වන විට මේ දේවස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ . මේ පිලිබදව කතෝලික සභාවට හා පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඉදිරි පියවර ගන්නා බව මීසම් පාලක නෙවිල් සෙබස්තියන් පියතුමා වැඩිදුරටත් පැවසිය .
( මෙහි වීඩියෝ දැක බලා ගැනීම සදහා mojo news lk – you tube වෙත යන්න )