සදුදා සිට පාසල් ඉගැන්වීම් කටයුතු වෙන්නේ මෙහෙමයි

කොවිඩ් වසංගත හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු එළඹෙන සඳුදා දිනයේ සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ලබන සඳුදා දිනයේ සිට 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
සෞඛ්‍ය නිර්දේශ ලැබීමත් සමඟ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කළ අතර මේ වන විටත් ප්‍රාථමික අංශයේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී.
කෙසේවෙතත් පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු මේ දක්වාත් ආරම්භ වී නොමැති අතර ඉදිරියේදී එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් මේ වනවිටත් අවධානය යොමු කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.