ගෑස් පැමිණිලි 2ක් අද මානව හිමිකම් කොමිසම හමුවට

ගෑස් සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල ගැන විමර්ශනයක් කරන ලෙස සහ අනිකුත් වෙළඳ භාණ්ඩවල මෙන්ම ගෑස් සිලින්ඩරයේද ඇසිරුම් දිනය සහ අන්තර්ගතය දැක්වෙන විස්තර ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා ගොනුකළ පැමිණිලි දෙකක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී කැඳවීමට නියමිතය.

අද (9) පෙරවරු 11.00ට එම විමර්ශනය සඳහා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ට, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට සිතාසි නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ MediaLK.com වෙබ් අඩවියේ සංස්කාරක තරිඳු ජයවර්ධන මෙම පැමිණිලි දෙක සිදු කර තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *