තණමල්විල සිට මහනුවරට පැමිණ පිං කැට කඩලා – මහනුවර වාර්තාකරු

මහනුවර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරස්ථාන භූමියේ පිහිටි දේවාලයේ පිං කැටය කඩා මුදල් ලබාගෙන විහාරස්ථානයේ පිං කැටය ද කැඩීමට උත්සහ කරමින් සිටි පුද්ගලයෙකු විහාරාධිපති හිමි ඇතුළු විහාරවාසි පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් (31) අලුයම 3.00 ට පමණ අල්ලා පොලීසියට බාරදී ඇත.
විහාරස්ථානයේ පිං කැටයට දමා තිබෙන අගුල කඩන අවස්ථාවේ විහාරාධිපතිහිමියන්ට එම ශබ්දය ඇසී ආවසගෙයින් පිටතට වැඩම කර ඒ පිළිබඳ විපරම් කිරීමේදී යම්කිසි පුද්ගලයෙකු බුදු මැදුර තුළ සැඟවී සිටිනු දැක තිබේ.විහාරාධිපති හිමියන් ඔහුව නොදැක්කා සේ ආවසගෙට ගොස් සෙසු භික්ෂූන් වහන්සේ හා විහාරවාසිව සිිටි පුද්ගලයින් කිහිප දෙනෙකුට කතා කර සිද්ධිය පිළිබඳ දැනුම්වත් කර ඇත.
පසුව සියලු දෙනා පැමිණ අදාළ පුද්ගලයා අල්ලා ගැනීමට උත්සහ කරත්දී ඔහු පළා යෑමට තැත්කර තිබේ.එම අවස්ථාවේ විහාර මළුවේ ඇද වැටී ඔහු තුවලා ලැබූ බව බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරස්ථානාධිපති පූජ්‍ය යටවත්තේ ධම්මානන්ද නාහිමියෝ පැවසූහ.
පොලීසියට කළ දැනුම් දීමකින් පසු සිදුකළ පරීක්ෂා කිරිමේදී සැකකරු සතුව දේවාලයේ පිං කැටය කඩා සොරාගත් රුපියල් 4290 ක මුදලක් හමුවී ඇත.
තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට  (31) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *