පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය = නිමල් කොළඹිස්ස – මහනුවර

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය කුලපති මහාචාර්ය ජෙරල්ඩ් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්  (30) විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී   පැවැත්විණි

දෙදිනනක්  සැසිවාර තුනක් යටතේ මෙම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වේ.

තුන්දහසකට ආසන්න උපාධිධාරීන් පිරිසක් සිය උපාධි හිමි කර ගන්නා අතර එහිදී පශ්චාත් උපාධි 343ක් සහ ආචාර්ය උපාධි 16ක් ප්‍රදානය කෙරිණි.

2020 වර්ෂයට අදාලව පැවැත්වෙන මෙම උපාධි ප්‍රදානෝත්සවය ආරම්භ වූ බව කුලපතිවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතාගේ මෙහෙයවීම මත උපාධි ප්‍රදානොත්සවය පැවැත්විණි.

දන්ත වෛද්‍ය පීඨයේ උපාධිය තවත් වර්ෂයකින් දීර්ඝ කිරීම නිසා මෙම වර්ෂයට අදාලව දන්ත වෛද්‍ය පීඨ සාමාන්‍ය උපාධි ප්‍රදානයක් මෙවර සිදු නොවුණි.

කුලපති මහාචාර්ය ජෙරල්ඩ් පීරිස්, උපකුලපති මහචාර්ය එම්.ඩී.ළමාවංශ, නියෝජ්‍ය උපකුලපති මහචාර්ය ටෙරන්ස් මධුජිත්, පුස්තකාලාධිපති ආර්. මහේෂ්වරන් යන මහත්වරුන් ද විශ්ව විද්‍යාලීය සියලු පීඨ නියෝජනය කරමින් පීඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් ඇතුලු කාර්යය මණ්ඩලවල සහභාගීත්වයෙන් මෙම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විණි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *