සොලමන් දූපත් එක්සත් ජනපද නෞකාවට සිය වරායට ඇතුළු වීමට ඉඩ නොදෙයි – බර්නාර්ඩ් එදිරිසිංහ  

 

පැසිෆික් සාගරයේ පිහිටා ඇති සොලමන් දුපත් රජය  විසින් මෑතකදි ඇමරිකානු වෙරළ ආරක්ෂ නෞකාවකට සිය වරායට ඇතුළු වීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීම කර තිබින. “ඔලිවර් හෙන්රි” නමින් හැඳින්වෙන මෙම වෙරළ ආරක්ෂක නෞකාව, සිය සමුද්‍ර චාරිකාවල දි කෑම බීම ජලය හා ඉන්ධන ලබා ගැනීම පිණිස නිතර ළඟා වන වරායක් ලෙස  සොලමන් දුපත් හි පිහිටි හොනේරියා වරාය සැලකේ.

සොලමන් දුපත් රජය විසින් කරුණු පැහැදිලි කිරීමකින් තොරව ගත් මෙම තීරණය ඇමරිකාවත් චිනයත් අතර පවතින රාජ තාන්ත්‍රික අර්බුදය වෙනත් මුහුණවරකින් කළ එළි බැසීමක්  ලෙස සැලකේ.

2019 දි සොලමන් දුපත් රජය, තායිවානය සමග තිබු තානාපති සම්බන්ධකම් අත්හිටුවමින් මහජන චිනයත් සමග නව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කරන ලදි. ඉන් පසු බටහිර රටවල් විරෝධයට ලක් වි ඇති, මහජන චින හුවායි දුරකථන සමාගමට සොලමන් දිවයින පුරා දුරකථන කුලුනු සවි කොට, දුරකථන ජාලයක් පවත්වා ගෙන යාමේ ව්‍යාපෘතියකට ඇමරිකන් ඩොලර් මිලියන 66 ක් 1% වාර්ෂික පොලියකට ලබා ගැනීමට සොලමන් දුපත් රාජ්‍ය සමත් විය.

මේ වන විට මහජන චින රජයේ සමාගමක් වන හුවායි සමාගම, සිය  රජය වෙනුවෙන් බුද්ධි තොරතුරු රැස් කරන්නේ යැයි සැක පිට, ඇමරිකාව, කැනඩාව හා මහා බ්‍රිතාන්‍ය සිය රටවල් ව්‍යාපාරික කටයුතු වල නිරත වීම  හුවායි සමාගමට තහනම් කොට ඇත.

සොලමන් දුපත් රජයට ඉහත කි ණය මුදල ලැබෙන්නේ, පැසිෆික් සාගරයේ ආරක්ෂාව පිළිබඳ ඇමරිකානු  හා ඔස්ට්‍රෙලියානු ප්‍රතිපත්ති කෙරෙහි විශාල බලපෑමක් එල්ල කළ දවි පාර්ශවික ආරක්ෂ ගිවිසුමක්  මහජන චිනය සමග ඉතාමත් රහසිගතව අත්සන් කිරීමෙන් අනතුරව විම කැපි පෙනෙයි.

ඉන්දියානු හා ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික බලපෑම නොසලකා හම්බන්තොට වරායට ඇතුලු වු  කේත බුද්ධි තොරතුරු රැස් කරන ඔත්තු නෞකාවක් වු යු වෑන් 5 නෞකා සිදුවීමේ උණුසුම මැකි යාමටත් පෙර සිදු වු මෙම සිදුවිම ජාත්‍යන්තර  ප්‍රජාව ගේ දැඩි අවධානයට යොමු වි තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *