ශ්‍රවේන්ද්‍ර සිල්වාට අස්ගිරි පාර්ශවයෙන් ගෞරව නාමයක් – නිමල් කොළඹිස්ස – මහනුවර

රට, ආගම හා ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතාට මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර ගෞරව නාමය පුද කිරීම (28) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සිදු කෙරිණි.
ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා දශක කිහිපයක් තිස්සේ කරන ලද සේවය ඇගයීම සඳහා මෙම ගෞරව නාමය පුද කිරීමට අස්ගිරි මහා විහාරීය විංශද්වර්ගික කාරක සංඝ සභාව තීරණය කොට තිබේ.
ඒ අනුව අද පස්වරුවේ එම මහා විහාරීය මංගල උපෝෂථාගාරයට රැස්වූ කාරක සංඝසභාව වෙනුවෙන් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ විසින් මහාමාන්‍ය ප්‍රථාධීකේෂ්වර යන ගෞරව නාම සහිත සන්නස් පත්‍රය ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතාට පිළිගන්වන ලදි.
මෙම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි සහ පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි ඇතුලු කරක සංඝසභාව ද මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි ඇතුලු මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරු, පොලිස්පති, ත්‍රිවිද හමුදාප්‍රධානීන් ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගීව සිටියහ.