මාධ්‍යවේදියාගේ දුරකථනය රෝහලේ දී උස්සලා – මහනුවර වාර්තාකරු

මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 18 ප්‍රතිකාර ලබමින් සිටි මාධ්‍යවේදියෙකුගේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකතනයක් සොරාගෙන පළාගිය නේවාසික රෝගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සැකකරුවන් දෙදෙනා පළායන අවස්ථාවේ ඔවුන්ගේ රෝග විනිශ්චය වාර්තා අඩංගු ලියකියවිලි ද රැගෙන ගොස් තිබෙන බව රෝහල් පොලීසිය පවසයි.
මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බවට සැකකරන මොවුන් දෙදෙනා රෝහල් ගතව ඇත්තේ රෝගීන්ගේ මුදල් හෝ වෙනත් වටිනා දේවල් සොරා ගැනීම සඳහා ද යන සැකය මේවන විට මතුව තිබේ.
ලේක්හවුස් කුණ්ඩසාල වාර්තාකරු සුනිල් ගුණවර්ධන මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් වාට්ටු අංක 18 ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (23) දහවල් ඔහුගේ ජංගම දුරකතනය කිසිවෙකු විසින් සොරාගෙන තිබෙන අතර ඔහු ඒ සම්බන්ධයෙන් වාට්ටුව භාර හෙද නිලධාරිනිය මගින් රෝහල් පොලීසියට පැමිණිලි කර ඇත.
පොලීසිය පැමිණ සැකකටයුතු පුද්ගලයින් සෝදිසි කර තිබේ.
එම අවස්ථාවේ මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ව පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වූ බව සුනිල් ගුණවර්ධන මහතා කීය.
එදින පස්වරුවේ අදාළ රෝගීන් දෙදෙනා වාට්ටුවෙන් අතුරුදන්ව ඇති අතර වැඩිදුර සොයා බැලීමේදී ඔවුන් රෝග නිශ්චය වාර්තා සියල්ල රැගෙන ගොස් තිබෙන බව අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධව රෝහල් පොලීසිය මගින් මහනුවර පොලීසියට දැනුම් දී ඇත.වාට්ටුවට ඇතුළත් වීමේදී ලබාදුන් ලිපිනයන් අනුව ඔවුන් මහනුවර බෝගම්බර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිව ඇත.
එම අංක ව්‍යාජ ඒවා බවට සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.