රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ත්ව සහතිකය ලබා ගැනීමේ සූදානමක -නිමල් කොළඹිස්ස – මහනුවර

රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ත්ව සහතිකය ලබා ගැනීමට සැලසුම් කොට තිබේ.
පල්ලකැලේ පිහිටි ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් රොබෝ තාක්ෂණයෙන් පැය විසිහතරක කාලය පුරා ක්‍රියාත්මකවේ.
රුපියල් බිලියන 09ක වියදමින් ඉදිකොට ඇති මෙම නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55ක වාර්ෂික නිෂ්පාදනයකින් යුක්තය. මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සේලයින් අවශ්‍යතාව බෝතල් මිලියන 15ක් වන අතර දේශීය අවශ්‍යතාව මෙම කර්මාන්ත ශාලාවෙන් සපුරා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.
දැනට මෙහි නිෂ්පාදන අපනයනය කරන අතර යුරෝපා වෙළඳ පොල ජය ගැනීමේ අපේක්ෂාවෙන් කර්මාන්ත ශාලව සඳහා යුරෝපා තත්ත්වය සහතිකය ලබා ගැනීමට කළමණාකාරීත්වය සැලසුම් කොට තිබේ.
ISO 45000, 9001 සහ 14 000 යන ප්‍රමිති සහතික ලබා ඇති මෙම කර්මාන්ත ශාලාව යුරෝපා වෙළඳ පොල ජය ගැනීමේ අරමුණින් එම ප්‍රමිති සහතිකය ලබා ගැනීමට අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාව තුළ ඉකුත් වර්ෂ කිහිපය තුළදී මෙවැනි කර්මාන්ත ශාලා 11ක් ස්ථාපිත කොට ඇත.
මෙම කාර්මාන්ත ශාලාව මගින් සෘජු රැකියා අවස්ථා 280ක් හිමිවී ඇති අතර අමතර සේවා දායකයන් වශයෙක් 325 දෙනෙකු සඳහා වක්‍ර රැකියා අවස්ථා හිමිවී ඇත.