උතුවන්කන්දෙන් පහලට වැටී කථිකාචර්යවරියක් මරණයට -මහනුවර වාර්තාකරු

මාවනැල්ල උතුවන්කන්ද තරණය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසු පිරිසක් සමඟ ගිය එම පීඨයේ පශ්චාත් උපාධි ආයතනයේ තාවකාලික සහාය කථිකාචර්යවරියක් සරදියෙල් ගලෙන් ලිස්සා පහළට ඇද වැටී එම ස්ථානයේම මියගොස් ඇත.
සිද්ධිය ඊයේ (21) දහවල් 12.00 ට පමණ සිදුව තිබෙන බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ ඇල්පිටිය මගුල් මඩුව ප්‍රදේශයේ පදිංචි විරස්මි කොඩිතුවක්කු නැමැති 27 හැවිරිදි තරුණියකි.
ඇය කෘෂි විද්‍යා පීඨයේ 2014 කණ්ඩායමේ සාමාජිකාවකි.
උතුවම්කන්ද තරණය කිරීම සඳහා කෘෂි පීඨයේ සිසුන්ද ඇතුළත්ව එක්ස්ප්ලෝරා ක්ලබ් සාමාජිකයින් 59 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පෙරවරු 8.00 ට පමණ විශ්වවිද්‍යාලයෙන් පිටත්ව ගොස් තිබේ.
මෘත ශරීරය මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇත.