වික්ටෝරියා දෙකක් බිලි ගත්තද ? මහනුවර වාර්තාකරු

පල්ලේකැලේ ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයට බැස දිය නෑමට ගිය පාසල් සිසුන් පස් දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇත.
මෙම සිසුන් පස් දෙනා  29 වැනි දින පස්වරුවේ ජලාශයේ දිය නෑමට ගොස් තිබෙන අතර දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස 13 හා 14 වයස් වල පසුවන ළමුන් දෙදෛනෙකි.
දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ පල්ලේකැලේ ජනෝදාගම පදිංචි සුරේෂ් උමේන්ද්‍රයන් (14) හා අයේෂ් කුමාර් (13) නැමැති ළමුන් දෙදෙනා බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
ළමුන් පස් දෙනා අතර සිටි එක් අයෙකුගේ උපන් දිනය නිමිත්තෙන් මොවුන් දිය නෑමට ගොස් තිබෙන බව දැන ගන්නට ඇත.
සිසුන් ජලයට බසින ලද ස්ථානයේ බියර් කෑන් කිහිපයක් තිබී හමුවීම හේතුවෙන් මොවුන් මත්පැන් පානය කළේද යන සැකය මතුව තිබේ.
පල්ලේකැලේ පොලීසියේ මැදිහත්වීම මත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අතුරුදන් වූ සිසුන් දෙදෙනා සෙවීමට මෙහෙයුමක් දියත් කරනු ලැබුවත් ජල පහර වේගයෙන් වික්ටෝරියා ජලාශය දෙසට ගසන් ගැනීම නිසා (31) දහවල් වනතෙක්ම ඔවුන් සම්බන්ධ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී තිබිණි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *