බෙදීම් නැති – බැඳීම් වැඩි මහයියාව

ටක සාමය සහ සමෘද්ධියට ජාතින් අතර සහජීවනය අත්‍යවශ්‍ය සාධකයකි . දැනට අක්‍රීයව පැවතුනද වසර කීපයකට පෙර ජාතික එකාබද්ධතා හා ප්‍රතිසංවිධාන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය වැනි ආයතන රටතුළ සංහිදියාව වර්ධනය කිරීමට විශාල පරිශ්‍රමයක යෙදුණේය. සංහිදියාව යන වදන පවා හරියට නුහුරු,දරිද්‍රතාවය අතින් පත්ලේ සිටින ජන සමාජයක් සාමය, සංහිඳියාව පිළිබදව ප්‍රායෝගිකව දක්වන මෙම ආදර්ශය බිම් මට්ටමින්ම මතුවන සැබෑ ආදර්ශයකි.

මහයියාව මහනුවර නගරයට ආසනයේම පිහිටි කුඩා ගම්මානයකි . එහි පුර්ණවත්ත නැගෙනහිර හා බටහිර ලෙස වෙන්වුණු ග්‍රාමසේවා වසම් දෙකකි . මේ කතාවට විෂය වන්නේ මෙයින් පුර්ණවත්ත බටහිර ග්‍රාමසේවා වසමයි . පුර්ණවත්ත පරිපාලනමය පහසුවට MC ( Municipal Council) – නගර සභාව සේම MT (Model Tenement) – ආදර්ශ නිවාස වශයෙන් කලාප දෙකකි . මෙම නිවාසවල පාලනය හා අයිතිය මහනුවර මහනගර සභාව යටතේ පවතී .

MC කලාපයේ බහුතර වැසියන් දමිළ වන අතර MT කලාපයේ බහුතරය මුස්ලිම්ය. කලාප දෙකෙහිම වපසරිය අක්කර 4.7 කි .
මහයියාවේ ඉතිහාසය 1827 දක්වා දිගුවේ . එදවස බ්‍රිතාන්‍ය පාලනය යටතේ නගර පවිත්‍රතා කරුවන් වෙනුවෙන් නිර්මාණය කළ නිවාස  240 ක ජිවත් වූ ජනතාව 2020 වනවිට නිවාස 1300 ක පවුල් 1509 ක් දක්වා වර්ධනය වී තිබේ. නිවාස නොමැති පවුල් ගණන 125 ක් වන අතර. ඡන්දයට ලියාපදිංචි නොවූ, එකම ලිපිනය යටතේ ජිවත්වන අනු පවුල් සංඛ්‍යාව 331 කි. අඩි 8ක් දිග අඩි 5 ක් පළල නිවසක සාමාන්‍යෙයන් සාමාජිකයන් 5 කු පමණ ජිවත් වෙති .

මහයියාවේ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු පිරිස 325කි.මෙහි වැඩි කොටසක් මහනුවර මහනගර සභාවේ කම්කරුවෝය . පුද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් 317 කි . විශ්‍රාම වැටුප් ලාභීන් 314 කි.මොවුන්ද  නගරසභා සේවයෙන් විශ්‍රාමලැබූ පුද්ගලයන් වේ .විදේශ රැකියා සඳහා යොමුවූ පිරිස 422කි.වැඩිහිටි දීමනාලාභින් 41 ක්ද ,ආබාදිත දීමනා ලාභීන් 3ක් වන අතර නවතම් සමීක්ෂණ වාර්තා අනුව වසමේ මුළු ආබාදිත පුද්ගලයින් ගණන 18කි.

නිවාස ප්‍රශ්න , සනීපාරක්ෂක පහසුකම් ගැටලු , මව්වරුන් විදේශ ගතවීම් , දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම වසම තුළ ඇති ප්‍රධාන ගැටලුය.

මහනුවර නගරය පිරිසිදුව තබාගැනීමට දහදිය හෙළන මේ මිනිසුන්ගේ යටිතල පහසුකම් දෙස බැලූ විට පොදු වැසිකිලි හා ස්නානාගාර ස්ථාන කිසිසේත් සතුටුදායක මට්ටමක නොපවතී . වැසි සමයේදී උතුරායන අපජලය සීමිත ඉඩකඩ ඇති ගෙබිම් මතින් ගලායයි. ඔවුන් පවසන පරිදි නගරය පවිත්‍ර කරන ඔවුන්ගේ කුඩා නිවෙස් පිරිසිදුව තබා ගන්නට උදව් කිරීමට මේ වනතුරු වගකිවයුතු කිසිවෙකු  සමත් වී නැත.

අපි ඉපදුණේ හැදුණේ මහයියාවේමයි . වැස්ස කාලෙට මෙහේ වැසිකිළි වලවල් උතුරලා මේ පුංචි ගෙවල් ඇතුළේ ගලාගෙන යනවා. දවස්වලට නම් අමු අපායක්
බහු ආගමික පරිසරයක ජිවත්වන මේ ප්‍රජාව අන්‍යෝන්‍ය සුහදතාවයෙන් හා උද්යෝගයෙන් තම දෛනික කටයුතු වල නියැලී සිටිති .ඔවුහු බහු සංස්කෘතික උත්සව පොදුවේ සමරති. වෙසක් , හජ්ජි නත්තල , අවුරුදු , දීපවාලි, මහා ශිවරාත්

රී , තෛපොංගල් , පොසොන් , රාමසාන් ආදී සියල්ල සහෝදරත්වයෙන් සමරන බහු සංස්කෘතික උත්සව ලේඛනයට ඇතුළත්ය. ඔවුන්ට අනුව ඒවා එකිනෙකාගේ ආගමික හා සංස්කෘතික කටයුතුවලට ‘හැකි ආකාරයෙන් සහය වීමකි.’

මේ සහජීවනය පිටස්තරයන්ට අරුමයක් වුවද ඔවුන් කුඩාකල සිට හැදී වැඩුනාවූ

බහු සංස්කෘතික පරිසරය නිසා ඔවුනට එය පුදුමයක් නොවේ. එකට වැඩකිරීමෙන් දායාද ලද අනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවයට ගරු කිරීම සෑම පොදු අරමුණකදීම හා ගැටලුවකදීම එක්ව කටයුතු කිරීමට මොවුගේ හිත් සවිමත්. බාහිරින් පැමිණෙන

බාධක හෝ දේශපාලන අතපෙවීම් වලින් මිත්‍රත්වය පලුදුවීමට ඔවුන් කිසිවිටක ඉඩ නොදේ.

බොහෝදෙනා පාරම්පරිකව නගරසභාවේ පවිත්

රතා අංශයේ සේවයේ නියුතු වූවන් වන අතර ඔවුන් අතරම හැදී වැඩී අධ්

යාපනයෙන් අනාගතය විචිත්

රවත් කරගත් විවිධ රැකියාවන් වල නියුතු මේ මිනිසුන්වෛද්

යවරුන්, ඉන්ජිනේරුවන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ද වේ.

ඔවුන් විවිධ හේතුනිසා මහයියාවෙන් බැහැරව වෙනත් ප්

රදේශවල වාසයකරයි.

ද්‍රවිඩ මුස්ලිම් කිතුනු හා බොදු යන සියලුම දෙනාගේ පොදු බස දමිළය එකිනෙකා ගේ හැඟීම්

තේරුම් ගැනීමට සම බසක අසිරිය ලියා නිම නොකල හැකි කවියකි.

මහා බලාපොරොත්තුවලින් හිස් පුරවා නොගෙන ජිවිතයට මුහුණදෙන මේ ජනයා නිරතුරු සිනහවෙන් කල් ගෙවන අතර ජීවත්වන මේ මොහොත මත සතුටින් සිටීමට සෑම විටම උත්සාහ කරයි. දිවි මඟ කම්කටොලු නොඅඩුව විඳින මහයියාවේ ජනතාව ගේ සිහිනය හා එකම ප්

රාර්ථනය නම් සැමට සාධාරණ මහල් නිවාසයකි ඒ සිය අනාගත පරපුර වෙනුවෙනි.

මේ සිහිනය යතාර්ථයක් කරගැනීමට හැකි වනදිනය  එන තුරු අප මඟ බලා සිටිමු.

මේ මිනිසුන්ට ඇත්තේ ධෛර්යමත් දෑත්, තීක්ෂණ නෙත් හා දයාර්ද්‍ර හිත් බවට සපථ කිරීමට සහතික අවහ්‍ය නැත.

*****

රුවන් මීගම්මන

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *