ජනපති රනිල් කොළ එළිය දැල්වුයේ කාට ද ? රතු එළිය දැල්වුයේ කාට ද ? බර්නාර්ඩ් එදිරිසිංහ ලියයි

ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කොට පැය විසිහතරක් ඉක්ම යාමටත් පෙර ගෝඨා ගිය ගම අරගලකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරය පිලුනු වු පුවතකි. නමුත් එම ප්‍රහාරය විසින් ශ්‍රී ලංකික හා ජාත්‍යන්තර ප්‍රජාවටත් දෙන ලද පණිවුඩය කුමක් ද?
දේශපාලන රෙජිමයන් අභියෝගයට එල්ල වු අවස්ථා ජාත්‍යන්තර දේශපාලනයේ අහඹු සිදුවීම් නොවේ. 1954-2014 දක්වා කාලය තුළ ලෝකය පුරා දේශපාලන රෙජිමයන් 64කට ආසන්න සංඛ්‍යාවක් එලෙස අභියෝගයට එල්ල වි ඇතැයි V-Democracy නම් චින්තන පර්ෂදය ප්‍රකාශ කරයි. එම සිදුවීම් වල අත්දැකිම් අනුසාරයෙන් ශ්‍රී ලංකාවේ රාජපක්ෂ රෙජිමයට ගෝඨා ගෝ ගම අරගලකරුවන් එල්ල කරන ලද අභියෝගය යලි කියවා ගැනීමට පුළුවන.
දේශපාලන රෙජිමයක් අභියෝගයට ලක් කළ විට එය වෙනත් දේශපාලන ක්‍රමයකට පරිවර්තනය විම සිදු වන්නේ යම්කිසි කාල පරාසයක් තුළ බව V-Democracy විද්වතුන් පෙන්වා දෙයි. එසේ වන්නේ දේශපාලන රෙජිමයක් අභියෝගයට ලක් කළ විට ඒ සමාජය තුළ ඇති වන ” අඩමාන” යයි. මෙම “අඩමාන” තත්ත්වය තුළ බොහෝ සිදුවීම් සිදු විය හැකියි. එය පොදුවේ “ගැටුම්කාරි තත්ත්වයක්” වැනි යයි ටියුනිසියාව ඇතුළු ආරබිකරය පුරා පැතිරි ගිය දේශපාලන අරගල විසින් පෙන්වා දෙයි. මෙම ගැටුම්කාරි අඩමාන තත්ත්වය තුළ දි දේශපාලන බලාධිකාරිය විසින් ගනු ලබන තින්දු තිරණ මෙන් ම දේශපාලන අරගලකරුවන් විසින් ගනු ලබන තින්දු තිරණ ද අභියෝගයට ලක් කළ රෙජිමයේ දේශපාලන අනාගතය කෙරෙහි තිරණාත්මකව බලපායි.
ජුලි 22 වන දින පත් කරන ලද කැබිනට් මණ්ඩලය සති දෙකක කාලයකට පමණක් යැයි නොනිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම මගින් ජන අරගලය විසින් අභියෝගයට ලක් කරන ලද රෙජිමයේ සාධනිය වෙනසක් සිදුවිම “සංක්‍රාන්ති ” අදියරකට මාරු වෙමින් තිබෙන බව අපට සිහිපත් කරයි.
සන්නද්ධ හමුදා ප්‍රචණ්ඩත්වයට යෙදවීම:
ජනපති රනිල් වික්‍රමසිංහ සිය ධුරය භාර ගන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනපති ධුරය නීතියේ ආධිපත්‍යයට ඉහළින් ඔසවා තබා ඇති පසුබිමක පමණක් නොවේ. 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ජන වරමක් නොලැබුවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක ගේ ආශිර්වාදය ද සහිතවය. සිංහල බෞද්ධ ජාතිවාදි මෙන්ම රාජපක්ෂ පවුලේ විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂගේ පාලනය යටතේ පවතින දේශපාලන පක්ෂයක් වන පොහොට්ටුවේ දේශපාලනය දැන් ජනපති රනිල් වික්‍රමසිංහට නොසලකා හැරිය නොහැක. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත ඇති තැනැත්තා විය යුතු යන ව්‍යවස්ථානුකූල වගන්තිය අනුව අගමැති ධුරය හා කැබිනට්ටුව පොහොට්ටුව වෙත ලැබිම අරුමයක් නොවේ.
මෙවැනි පසුබිමක ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ජනපති ධුරය බාර ගත් විගසම කැපි පෙනෙන සිදුවිම වුයේ ත්‍රිවිධ හමුදාව සමග කළ විවිධාකාර ගණුදෙණුයි. පාර්ලිමේන්තූ ජනපතිවරණයෙන් අනතුරව ඉන් පිටව යමින් සිටි ජනපති රනිල් වික්‍රමසිංහ අනපෙක්ෂිත ලෙස පාර්ලිමේන්තුව මාවතේ රාජකාරියේ නියැලි සිටි ත්‍රිවිධ හමුදාව හා පොලිස් නිලධාරිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ස්තුති කිරීමට පසුබට නොවිය. ජනපති වශයෙන් නිල වශයෙන් දිවුරුම් දිමෙන් පසු සිය ප්‍රථම ප්‍රසිද්ධ රාජකාරි හමුව ආරක්ෂක අමත්‍යාංශය වෙත ගොස් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් ඇතුළු ත්‍රිවිධ හමුදා සහ පොලිස්පති සමග නිල සාකච්ඡාවක් පැවැත්වීමයි. පසුදිනට එළිවන හිමිදිරි යාමේ දහසකට ආසන්න විශේෂ ආරක්ෂක බලකායේ සොල්දාදුවන් පිරිසක් රාජකාරි ගිනි අවිවලට අමතරව උදළු පොලු වලට සමාන පොලු අතැතිව ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අල්ලා ගෙන සිටි සංඛ්‍යාවෙන් අතලොස්සක් වු අරගලකරුවන්ට නිර්දය ලෙස පහර දිම හා අත්අඩංගුවට ගැනීම සිදු විය. එතැනින් නොනැවතුන ආරක්ෂ හමුදා ජුලි 22 දින සවස ඉහත කි සිදුවීම් මාලාවට විරෝධය දක්වමින් සිටි සාමාකාමි විරෝධතාකරුවන් නැවත වරක් උදළු මිටි වලට සමාන පොලු වලින් එලව එලවා පහර දෙන ලදි.
කොළ එළිය කාට ද?
මිළඟට ධුරයෙන් පළවා හරින්නේ රනිල් වික්‍රමසිංහ යැයි අරගලකරුවන් විසින් දැනටමත් පුර්ව දැනුම් දිමක් සිදු කොට තිබේ.
සිය විධායක බලතල මහජන මතය කෙරෙහි කිසිදු සංවේදිභාවයකින් තොරව භාවිතා කිරිම මගින් ඡන්දයක් තබා මරණයකට මඟුලකටවත් ගමට යා නොහැකිව අතරමංව සිටින විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමට පමණක් නොව කොළ එළියක් දැල් වියැයි කිව හැකියි.