ඉන්ධන පිරවුම් හලට ගල් ප්‍රහාරයක් – මහනුවර වාර්තාකරු

මහනුවර මයිලපිටිට ඉන්ධන පිරවුම් හළට පසුගිය 22 වැනි දින ලැබී තිබුණු ඉන්ධන තොගයක් බෙදා හරිමින් සිටියදී තළාතුඔය පොලිස් ස්ථානාධිපතිවරයා රාත්‍රි 11.30 ට පමණ පැමිණ ඉන්ධන බෙදීම නවත්වන ලෙස දැනුම් දීම නිසා පෝලිමේ සිටි ජනතාව උරණ වී ඉන්ධන පිරවුම් හළට ගල් ප්‍රහාර එල්ල කළ බව එහි කළමණාකාරවරයා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලක මගින් ප්‍රාදේශීය කළමනාකාරවරයා වෙත පැමිණිලි කර තිබේ.
ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් වල ජනතාව සිටින්නේ නම් පිරවුම් හළට ලැබී තිබෙන ඉන්ධන තොග අවසන් වනතුරු ඉන්ධන බෙදා හරින ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන හල් කළමනාකාරවරුන්ට දැනුම් දී තිබෙන බව ප්‍රාදේශීය පරිපාලක ආනන්ද සනත් කුමාර මහතා පවසයි.
ඉන්ධන තොග ඉතිරිව තිබියදී පොලිස් ස්ථානාධිපතිවරයා තෙල් බෙදා හැරීම නවත්වනු ලැබුවේ ඔහුගේ හිතවතුන්ට තෙල් ලබා ගැනීමට අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණින්ද යන සැකය මතුවන බව ඉන්ධන අපේක්ෂාවෙන් පෝලිමේ සිටි පිරිස් පැවසූහ.
ගල් ප්‍රහාරය එල්ල වීමෙන් මයිලපිටිය ඉන්ධන පිරවුම් හළේ වීදුරු කිහිපයකට හානි සිදුව ඇත.