ජීවත් වීමේ අයිතියට තර්ජනයක් ඇතිවීමේ අවදානමක් – මහනුවර වාර්තාකරු

සිවිල් රාජකාරි සඳහා සිටින පොලීසිය ටී.56 වැනි පුද්ගල නාශක අවි දරමින් සාමාන්‍ය ජනතාව අතරට පැමිණීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබාදී තිබෙන ජීවත් වීමේ අයිතියට තර්ජනයක් ඇතිවීමේ අවධානමක් තිබෙන බව දක්වමින් මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය,නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා මහනුවර මානව හිමිකම් කාර්යාලයට ඊයේ (04)පැමිණිල්ලක් කරනු ලැබීය.වෛද්‍ය සුබසිංහ මහතා සමඟ වෛද්‍ය,නීතීඥ හා සිවිල් සංවිධාන නියෝජිත කණ්ඩායමක් පැමිණ සිටියහ.මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය විජිත හේරත් මහතා වෙත අදාළ පැමිණිල්ල බාරදීමෙන් පසු අදහස් දැක්වූ වෛද්‍ය සුබසිංහ මහතා ඒ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.
පසුගියදා රඹුක්කනදී පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරකින් මියගියා.පොලීසියට ගිනි අවි භාවිත කිරීමට හැකියාව තිබෙනවාද කියලා නීතිමය වශයෙන් ප්‍රශ්නයක් තිබෙනවා.යුද්ධයකදී පාවිච්චි කරන ස්වයංක්‍රීය ගිනි අවි පාවිච්චි කරන්න පොලීසියට කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නැහැ.පොලීසියට පාවිච්චි කරන්න පුළුවන් පිස්තෝලයක් වගේ ආයුධයක් පමණයි.පිරිසක් විසුරුවා හරින්න අවශ්‍යය නම් ඉලෙක්‍ට්‍රික් ෂොක් බැට්න් භාවිත කළ හැකියි.
රඹුක්කනදී පිරිසක් විසුරුවා හරින්න තමයි පොලීසිය ස්වයංක්‍රීය ගිනි අවි භාවිත කරලා තිබුණේ.අපරාධ විධිවිධාන සංග්‍රහයේ අටවන පරිච්ඡේදයේ 95 වගන්තිය යටතේ පැහැදිලිව දක්වා තිබෙනවා පියවර වශයෙන් මේක කොහොමද කරන්නේ කියලා.නීති විරෝධී රැස්වීමක් නම් පොලිස් පරීක්ෂකවරයෙකුට නොඅඩු තනතුරක් දරන පුද්ගලයෙක් ඇවිත් නියෝග කරන්න ඕන මේ අයට විසිර යන්න කියලා.ඒකට අවනත වන්නේ නැත්නම් පුළුවන් සිවිල් බලය යොදන්න.කඳුළු ගෑස්,බැටන් ප්‍රහාර,ජල ප්‍රහාර වගේ දේවල් මේ අවස්ථාවේ යොදා ගන්න පුළුවන්.එහෙමත් කරලා යන්නේ නැත්නම් ඊළඟට සන්නද්ධ බලය යොදවන්න පුළුවන්.සන්නද්ධ බලය යොදන්න ළඟම තිබෙන හමුදා කඳවුරෙන් භට පිරිස් ගෙන්විය හැකි බව දක්වා තිබෙනවා.මේ අනුව පේනවා පොලීසියට ගිනි අවි භාවිත කරලා වෙඩි තියන්න හැකියාවක් නැහැ කියන එක.
අපි දැක්කා දණහිසෙන් පහළට වෙඩි තියන්න කියලා උපදෙස් දුන්නා කියන කතාවක් කියනවා.එහෙම වෙඩි තියන්න කියලා කොතනකවත් සඳහන් කරලා නැහැ.මම වෛද්‍යවරයෙක් ලෙස දන්නවා දණහිසෙන් පහළට වෙඩි තිබ්බත් මිනිස්සු මියයන අවස්ථා තිබෙනවා.මේ නිසා පුද්ගලයෙකු සාදාකාලිකව ආබාධිත වෙන්න පුළුවන්.බලය යොදවන්න පුළුවන් සමානුපාතිකවයි.ඒ පිරිස යොදවන බලයට සමාන බලයක් තමයි ඔවුන් විසුරුවා හැරීමට යෙදවිය හැක්කේ.නිරායුධ පිරිසක් උද්ඝෝෂණයක් කරනකොට ආයුධ සන්නද්ධව ගිහින් වෙඩි තියන්න බැහැ.
පුද්ගල නාශක අවි පොලීසිය සිවිල් ජනතාවට අතරට අරගෙන යනවා.ටී.56 ගිනි අවියකින් විනාඩියකට උණ්ඩ 600 ක් විතර නිකුත් වෙනවා.කිලෝ මීටරයක් විතර ඈත ඉන්න පුද්ගලයෙකුට මේකෙන් වෙඩි තැබිය හැකියි.ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය වෙනවා.