මෝසම් වැස්සේ අවදානම -හංසලි උමාදි

නිරිතදිග මෝසම් වර්ෂාවට අවශ්‍ය කාලගුණික තත්ත්වයන් මේ වනවිට ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පවසයි.

නායයෑමේ අධිඅවදානම් ප්‍රදේශවල දිවි ගෙවන පවුල් 7000 කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීම තවදුරටත් සිදුකරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේ, එළඹෙන මෝසම් වර්ෂාවත් සමග නායයෑමේ අවදානම් ස්ථානවල ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවය.

නායයෑමේ අවදානම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව අධික වර්ෂා අවස්ථාවල දැනුවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඔහු පවසා ඇත.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *